මන්නා රමේෂ් ගේ නිවසට පොලීසිය කඩා පනී

මන්නා රමේෂ් ගේ නිවසට පොලීසිය කඩා පනී

May 8, 2024   12:53 pm

ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට රැගෙන හා සංවිධානාත්මක අපරාධකරුවකු වන මන්නා රමේෂ් නමැත්තාගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සහ යතුරුපැදියක් සොයාගැනීමට හැකිවූ බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය පැවසීය.

එම සැකකරුගේ අවිස්සාවේල්ල, යාලගම, නාපාවෙල නිවසේ සඟවා තිබියදී එම අත්බෝම්බය සහ යතුරුපැදිය හමුවී තිබිණි.

අත් බෝම්බය නිවස තුළ වළ දමා තිබියදී සොයා ගෙන ඇති අතර යතුරුපැදිය සොයාගෙන ඇත්තේ නිවස පිටුපස සඟවා තිබියදීය.

බස්නාහිර පළාත් දකුණ දිසාව, අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී ජනක කුමාර මහතාගේ අත්සනින් යුතුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක කාලයක් සැකකරුව අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සිදුකෙරෙයි.

අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 9/1 වගන්තිය ප්‍රකාරව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය මත දින අනුවක රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතය.