පලස්තීන හමාස් ගැටුම් උග්‍ර අතට
සයුරෙන් එතෙර

පලස්තීන හමාස් ගැටුම් උග්‍ර අතට

July 21, 2014   12:26 pm

පලස්තීන - හමාස් සටන්කාමීන්ගේ ප්‍රහාර වලින් ඊශ්‍රායල සෙබළුන් 13 දෙනෙකු මියගොස් තිබේ.

2006 වසරෙන් පසු එක් දිනකදී ඊශ්‍රායල සෙබළුන් වැඩිම සංඛ්‍යාවක් මියගිය අවස්ථාව මෙය බව ද සැලකෙයි.

ඊශ්‍රායල සෙබළෙකු ප්‍රාණ ඇපයට ගත් බව හමාස් සටන්කාමීන් ප්‍රකාශ කරන අතර ඊශ්‍රායල බලධාරින් එය ප්‍රතික්ෂේප කරන බව වාර්තා වේ.

ගතවූ සති කිහිපය තුළ එල්ල වූ ප්‍රහාර වලින් ගාසා තීරයේ වැසියන් 425 දෙනෙකු පමණ මියගොස් ඇති අතර 3000ක් පමණ තුවාල ලබා ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ඊශ්‍රායල් ප්‍රහාර වලට ලක්වූවන්ගෙන් සියයට 70ක් පමණ සිවිල් වැසියන් බවයි.

මේ වන විට 83,000ක පමණ පලස්තීනුවන් පිරිසක් අවතැන්ව සිටින අතර ප්‍රදේශ වලින් පළා ගිය පිරිසද ඉහළ ගොස් ඇත.