දෑවැද්ද ගැන ඉන්දියාවෙන් මෙසේ ඇසෙයි
සයුරෙන් එතෙර

දෑවැද්ද ගැන ඉන්දියාවෙන් මෙසේ ඇසෙයි

July 3, 2014   04:56 pm

ඉන්දීය කාන්තාවන් විසින් තම ස්වාමි පුරුෂයන්ට එරෙහිව දෑවද්ද සම්බන්ධයෙන් වන නීතිය වැරදි ලෙස භාවිත කරන බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ නඩුවකදී ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇත්තේ කාන්තාවන්ට සහනයක් වශයෙන් පනවා ඇති නීතිය ස්වාමි පුරුෂයන් සමග බලවත් අමනාපයෙන් සිටින කාන්තාවන් විසින් අවියක් ලෙස භාවිත කරන බවයි.

ඉන්දියාවේ සෑම වසරකම දෑවැදි සම්බන්ධ ගැටළු හේතුවෙන් කාන්තාවන් 8000ක් පමණ ඝාතනයට ලක්වන බව සඳහන්ය.

මේ හේතුවෙන් 1983 වසරේ දී ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයට නව නිති හඳුන්වා දුන් අතර එමගින් පැමිණිලි ලැබුණු වහාම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය පවරා ඇත.

එම නීතියට අදාළව 2012 වසරේ දි පුද්ගලයින් ලක්ෂ 02ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති අතර වැරදිකරුවන් බවට පත්ව ඇත්තේ ඉන් සියයට 15ක් පමණක් බව අනාවරණය වෙයි.

ඒ අනුව එවැනි චෝදනා සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනිමේ දී කරුණු 09ක් පිළිබඳ අවධානය යොමු කරන ලෙස ‍ශ්‍රේෂ්ඨාධිකරණය පොලීසියට උපදෙස් ලබා දී ඇත.