බස් රථයේ අසැබි ගීත වාදනය කළ රියදුරු සහ කොන්දොස්තර සොයයි

බස් රථයේ අසැබි ගීත වාදනය කළ රියදුරු සහ කොන්දොස්තර සොයයි

April 24, 2014   03:38 pm

අසභ්‍ය ගී පටයක් මගී ජනතාවට ඇසෙන පරිදි වාදනය කළ රත්නපුර නගරය හා නවනගරය අතර ධාවනය වන පෞද්ගලික බස් රථ රියදුරෙකු සහ කොන්දොස්තරවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

එම අසභ්‍ය ගීත වාදනය කළ බස් රථයේ ගමන් කරමින් සිටි පොලිස් බුද්ධි අංශ නිලධාරිණියක එකී ගීත අඩංගුව පැවති පෙන්ඩ්‍රයිවය(pen drive) ඉවතට ගලවා ගනිමින් බස් රථයෙන් බැසගොස් එය තමා අතට පත් කළ බව සබරගමුව පළාත් සභා පොලිස් ඒකකයේ පො.ප රුවන් බණ්ඩාර මහතා පවසයි.

ඉන් පසුව මෙම පෙන්ඩ්‍රයිවයේ අඩංගු ගීත ශ්‍රවණය කිරීමට උත්සාහ දැරීමේදී එයි අන්තර් ගතවූයේ ඉතා පහත් අශෝබන ගීත බවත්,මහජනයාට පීඩාකාරී ලෙස එම ගීත ප්‍රචාරය කළ හේතුවෙන් රියදුරු සහ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගන්නා බව බණ්ඩාර මහතා සඳහන් කරයි.