මීගමුවේ තවත් කොල්ලයක් - වටිනාකම කෝටියයි?

මීගමුවේ තවත් කොල්ලයක් - වටිනාකම කෝටියයි?

April 17, 2014   10:18 pm

මුහුණු ආවරණය කරගෙන මීගමුව නගරයේ ඔරලෝසු කණුව අසළ පිහිටි ස්වර්ණාභරණ අලෙවි සැලකට අද රාත්‍රී කඩා වැදුණු පුද්ගලයින් 6 දෙනෙකු එහි තිබූ මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා පලාගොස් තිබේ.

අද රාත්‍රී 7.30 පමණ එය සිදුව ඇති අතර සැකකරුවන් යතුරු පැදි 3කින් පැමිණ මෙම කොල්ලය සිදුකර පලාගොස් ඇත.

ව්‍යාපාරික ස්ථානය වැසීමට සුදානම් ව මුදල් සේප්පූවල දමමින් සිටියදී අදාළ පුද්ගලයින් ගිනි අවි පෙන්වා සේවකයින් බිය ගන්වා මෙම කොල්ලය සිදුකර තිබේ.

සොරාගත් මුදල් හා රන් භාණ්ඩ තොගයේ සම්පූර්ණ වටිනාකම ගැන නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි නමුත් දළ වශයෙන් එහි වටිනාකම රුපියල් කෝටියක් පමණ විය හැකි යැයි පොලිස් ආරංචි අනාවරණය කළේය.

පසුගියදා ද මීගමුව නගරයේ ස්වර්ණාභරණ හා විදේශ මුදල් හුවමාරු මධ්‍යස්ථානයක් කොල්ල කෑමට ලක්විය.