මුන්නේශ්වරම් දෙවොල ළඟ විරෝධතා බෑ

මුන්නේශ්වරම් දෙවොල ළඟ විරෝධතා බෑ

August 16, 2013   11:26 am

හලාවත, මුන්නේශ්වරම් දේවාලය හා ඒ අවට ප්‍රදේශයේ ලබන 22 වැනි දින දක්වා විරෝධතා දැක්වීම තහනම් කරමින් හලාවත දිසා අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

හලාවත අතිරේක දිසා විනිසුරු කේ.කේ ලියනගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

මුන්නේශ්වරම් භද්‍රකාලී දේවාලයේ වාර්ෂික සත්ව බිලි පුජාවට පැවැත්වුණහොත් ඊට එරෙහිව විරෝධතා ව්‍යාපාර පැවැත්වෙන බවට තොරතුරු වාර්තා වී ඇත.

ඒ අනුව ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා හලාවත පොලිසිය අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව අතිරේක දිසා විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

මුන්නේශ්වරම් භද්‍රකාලී දේවාලයේ වාර්ෂික සත්ව බිලි පූජාව විවිධ හේතූන් මත පසුගිය දෙවසර තුළද පැවැත්වූයේ නැත.



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.