මෙදා පාර බිලි පූජා නෑ

September 17, 2012   07:26 am

මුන්නේෂ්වරම් භද්‍රකාලි අම්මාන් කෝවිලේ වාර්ෂිකව සිදුකෙරෙන සත්ව බිලි පුජාව මෙවර සිදුනොකිරීමට තීරණය කර තිබේ.

අදාළ ආගමික චාරිත්‍රය මෙවර සිදුනොකිරීමට තීරණය කළ බව එම කෝවිලේ ප්‍රධාන පූජකවරයා පැවසුවේය.

මෙම සත්ව බිලි පූජාව සම්බන්ධයෙන් පසුගිය කාලසීමාව පුරා විවිධ කතා බහ සමාජය පුරා පැතිර ගිය අතර අවසානයේ එය අධිකරණය දක්වා ද ගියේය.