පිපාසයට වතුර බිඳක් සොයා......

පිපාසයට වතුර බිඳක් සොයා......

July 24, 2014  

Bookmark and Share
මේ දිනවල පවතින දැඩි නියං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මැදිරිගිරිය, පල්ලියගොඩැල්ල ජනපදයේ වාසය කරන ජනතාවට පානීය ජලය නොමැතිවීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවයට පත් වී ඇති බව අප වාර්තාකරු පවසයි. පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එම ප්‍රදේශයේ ඇති පල්ලියගොඩැල්ල නැමැති වැවද මේ වන විට සිඳීගොස් ඇති අතර එම වැවේ තැනින් තැන ඇති මඩ සහිත දිය කඩිති වලින් ප්‍රදේශයේ ජනතාව බීමට ජලය සපයාගන්නා බව දැකගන්නට ලැබේ. මේ එම ප්‍රදේශයේ ජීවත්වන කාන්තාවන් පිරිසක් පල්ලියගොඩැල්ල වැවෙන් බීමට ජලය රැගෙන යන අයුරු වෙයි.

ඡායා රූ - ගාමිණි ඔබේසේකර