ගෑස් මිල නගියි
January 5, 2013 08:02 pm
අද(05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 12.5 Kg ලාෆ්ස් හා ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150 න් ඉහළ නංවන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
පසුගිය නොවැම්බර් මාසයේ දී ලෝක වෙළඳපොළේ සිදුවූ ගෑස් මිල ඉහළ යාමට අනුව මෙසේ ගෑස් මිල ඉහළ නැංවීමට සිදුවන බව එම අධිකාරිය සඳහන් කරයි.
ඒ අනුව මෙතෙක් රුපියල් 2246 ක් ව පැවති ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නව මිල රුපියල් 2396 ක් වන බව පාරිභෝගික සේවා අධිකාරිය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වේ.
2012 ජූලි මස 13 වැනිදා අවසන් වරට ගෑස් මිල සංශෝධනයක් සිදුවිය.
එදින මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් හා ලිත්‍රෝ ගෑස් මිල රුපියල් 150කින් අඩු කිරිමට රජය තීරණය කරන ලදී.
ඒ අනුව රුපියල් 2396ක් පැවැති කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2246 දක්වා පහත වැටුණි.
ගැස් සඳහා 2010 වසර දක්වා වරින් වර බදු අය කළද මේ වන විට ගෑස් ආනයනයේදී කිසිදු බද්දක් අය නොකරයි.
ඒ අනුව ගෑස් බද්දෙන් නිදහස් කිරීමට රජය තීරණය කීරිම නිසා 2011 ජනවාරි මාසයේ සිට එම බද්ද අහෝසි වී තිබේ.
එම බදු ඉවත් කිරීමේ සහනය ජනතාවට ලබා දෙන බව කියමින් රජය ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහත දැමීමට එසේ පියවර ගනු ලැබුවද ලෝක වෙළඳපොළ තත්ත්වයන් සැලකිල්ලට ගෙන මෙලෙස යළිත් වරක් රුපියල් 150න් ගෑස් මිල වැඩි කිරීමට තිරණය කර ඇත.
කෙසේ හෝ ගෑස් මිල වැඩි කිරීමෙන් වඩාත් පීඩාවට පත්වන්නේ ග්‍රාමීය ජනතාවට වඩා නාගරික ජනතාවය.
ගෑස් මිල වැඩිවීම මත වෙනත් විකල්පයක් සොයා ගැනීමට ඔවුන්ට හැකියාවක් නොමැති වීම ඊට ප්‍රධාන හේතුවය.