ගෑස්-කිරි පිටි-සිමෙන්ති මිල ඉහළට
May 4, 2012 12:31 pm
කි.ග්‍රෑ 12.5 ක බරින් යුත් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට රු.350 න් ඉහළයන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
ඒ අනුව ලාෆ්ස් ගෑස් මෙන්ම ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිලද මේ අයුරින් ඉහළ යන බව සඳහන්ය.
මේ අතර කිරිපිටි මිල ද ඉහළ නැංවීමට පාරිභෝගික සේවා අධිකාරිය අවසර ලබාදී ඇති බව දැන් පැවැත්වෙමින් තිබෙන මාධ්‍ය හමුවේ දී ප‍්‍රකාශ කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.
ඒ අනුව කිලෝග‍්‍රෑම් එකක කිරිපිටි පැකැට්ටුවක් රුපියල් 163 න් ඉහළ නංවා ඇති අතර ඒ අනුව රුපියල් 647ක් වු එම කිරිපිටි පැකැට්ටුවක නව මිල රුපියල් 810ක් වනු ඇත..
ග‍්‍රෑම් 400 යේ කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 61 න් ඉහළ නංවා තිබේ.
ඒ අනුව එම කිරිපිටි පැකැට්ටුවක නව මිල රුපියල් 325ක් වේ.
කි.ග්‍රෑ 50 න් යුතු සිමෙන්ති කොට්ටයක මිල රු.70 න් ඉහළ නැංවීමට අවසර ලබා දී ඇති බවද අද මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය වී ඇත.