නාගයා යළි නළඟනට හිමිවෙයි

නාගයා යළි නළඟනට හිමිවෙයි

December 6, 2012   03:15 pm

කොල්ලුපිටිය සමාජශාලාවේ නළඟනහට ඇයගේ නාගයා නැවත භාරදෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා අද (06) නියෝග කළේය.

නාගයා බැඳුම්කරයක් මත අදාළ කාන්තාව හට ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා දෙහිවල සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂවරයාට නියෝග කර ඇත.

පසුගිය අගෝස්තු මාසයේ දී කොල්ලුපිටිය ප්‍රදේශයේ සමාජ ශාලාවක දී විෂ දළ ගැලවූ නාගයෙකු සමග සිටි මෙම කාන්තාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

සත්ව හිංසන පනත යටතේ ඇයට ‍එරෙහිව නඩු පැවරූ අතර පසුව නාගයා දෙහිවල සත්වෝද්‍යානයේ රඳවා තැබීමට‍ අධිකරණය නියෝග ක‍ළේය.

අද දින මීට අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේ බැඳුම්කරයක් මත නාගයා නළඟන වෙත ලබාදීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා නඩුව වැඩිදුර විභාගය ජනවාරි මස 10 වැනිදාට කල් තැබීය.