ප්‍රේමයට පැරදී දිවි පිදුවේ මේජර්වරයෙක්

September 18, 2012   03:48 pm

මාතර, තිහගොඩ ප්‍රදේශයේදී අත්බෝම්බයක් පුපුරුවාගෙන අද (18) පෙරවරුවේ මියගිය පුද්ගලයා හමුදා මේජර්වරයෙකු බව අනාවරණය වී තිබේ.

අදාළ හමුදා මේජර්වරයා සාලියපුර හමුදා කඳවුරට අනියුක්තව සේවය කළ නිලධාරියෙකු බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසුවේය.

මෙසේ මියගොස් ඇත්තේ කුරුණෑගල ප්‍ර දේශයේ පදිංචි නලීන් සම්පත් කුමාර නැමැති 37 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු දෙදරු පියෙකු ද වන බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි සඳහන්ය.

මෙම හමුදා මේජර්වරයා කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි ගැහැණු ළමයෙකු සමග ඇති කරගත් ප්‍රේම සබඳතාවකට ගැහැණු ළමයාගේ මව්පියන් විරෝධතාව පළ කිරීම නිසා මෙලෙස සිය දිවි හානි කර ගෙන ඇතැයි පොලීසිය පවසයි.