ප්‍රේමය නීරස වී බෝම්බයට දිවි පුදයි

September 18, 2012   11:08 am

මාතර තිහගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්බෝම්බයක් පුපුරුවා ගෙන සිය දිවි හානිකර ගෙන තිබේ.

ප්‍රේම සබඳතාවක් මත මොහු සිය දිවි හානිකර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.

අද පෙරවරු 10.30 ට පමණ මෙය සිදුව තිබේ.

අදාළ පුද්ගලයා සිය මෝටර් රථය තුළදීම අත්බෝම්බයක් පුපුරා ගෙන සියදිවි හානි කර ගෙන ඇත.

මියගොස් ඇති පුද්ගලයා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ද අනාවරණය වී තිබේ.