මාලක හා රෙහාන් ගැහුවේ නැහැලු?

September 18, 2012   01:37 pm

අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා හා රෙහාන් විජේරත්න යන අය තමාට පහර නොදුන් බව ප්‍රකාශ කරමින් අදාළ සිද්ධියට සම්බන්ධ යැයි කියන මේජර්වරයා නීතිඥයෙකු මාර්ගයෙන් දිවුරුම් ප්‍රකාශයක් ලබාදී තිබේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත අදාළ දිවුරුම් ප්‍රකාශය ලබා දී ඇති බව සඳහන්ය.

ඒ අනුව මෙම ගැටලුව සමථයකට පත්කර ගැනීමට දෙපාර්ශවය අතර එකඟතාවක් ඇති කර ගැනීමට අදහස් කරන බව ද අදාළ පෙත්සම මගින් අධිකරණය හමුවට දැනුම් දී ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් පැවසීය.

අදාළ මේජර්වරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් මාලක සිල්වා සහ රෙහාන් විජේරත්න ඊයේ (17) දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කළ අතර ලබන 24 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.