මාලක ඇතුළු කණ්ඩායම අධිකරණය හමුවට

September 17, 2012   10:40 am

යුද හමුදා බුද්ධි අංශ මේජර්වරයෙකුට පහරදුන් බව කියන සිදුවීමට අදාළව කොම්පඤ්ඤවීදිය පොලීසියට භාර වු මහජන සබඳතා හා මහජන කටයුතු පිළිබඳ අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා, ඇතුළු සිව්දෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද (17) ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.

ඒ අනුව එසේ භාර වු පුද්ගලයින් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැයි පොලිසිය සඳහන් ක‍රයි.