මාලක සිල්වා ඇතුළු පිරිස භාරවෙයි

September 17, 2012   09:11 am

යුධ හමුදා බුද්ධි අංශ මේජර්වරයෙකුට පහරදුන් බව කියන සිදුවීමට අදාළව මහජන සබඳතා හා මහජන කටයුතු පිළිබඳ අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා, ඇතුළු පිරිසක් අද (17) උදෑසන කොම්පඤ්ඤවීදිය පොලීසියට භාර වී ඇත.

පසුගිය දිනෙක කොළඹ ප්‍රදේශයේ පිහිටි තරු පහේ හෝටලයක් තුළදී අදාළ යුධ හමුදා මේජර්වරයාට පහර දී ඇතැයි වාර්තා විණි.

සිද්ධිය සම්බන්ධයෙන් යුධ හමුදාව විසින් මෙන්ම පොලීසිය විසින් ද පරීක්ෂණ පැවැත්වීය.

ඒ අනුව මාලක සිල්වා ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නා බව පැවසුන ද දින කිහිපයක් ගතවුවත් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය අසමත්විය.

කෙසේ වෙතත් අද උදෑසන මාලක සිල්වා ඇතුළු පිරිස භාර වූ බව පොලීසිය පවසයි.