මාලක හා ‍රෙහාන් 24 තෙක් රිමාන්ඩ්

September 17, 2012   12:27 pm

යුද හමුදා බුද්ධි අංශ මේජර්වරයෙකුට පහරදුන් බව කියන සිදුවීමට අදාළව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා හා ඔහු සමග පොලීසියට භාර වු රෙහාන් විජේරත්න ඇතුළු 7 දෙනෙකු ලබන 24 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාලක සිල්වා ඇතුළු කොම්පඤ්ඤවීදිය පොලීසියට භාර වු පිරිස කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව ‍කොටුව මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා විසින් මෙම නියෝගය ලබාදී ඇත.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබා ගැනීම සඳහා ජනාධිපති නීතිඥවරුන් තිදෙනෙකු දැඩි පරිශ්‍රමයක් දැරු බව අප වාර්තාකරු පැවසුවේය.

සෙසු සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.