අපරාධ රැසකට සම්බන්ධ අයෙකු මාට්ටු

September 16, 2012   10:50 am

අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි පුද්ගලයෙකු වීරගුල, මෙටලන්ද වතුරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර උතුරු දිසාව අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් සැකකරු වැලිවේරිය, මීගහවත්ත, කඩවත, බියගම, වීරගුල, කොස්ගම සහ ගම්පොළ යන ප්‍රදේශවලදී සිදුකළ අපරාධ 07ක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටියි.

සැකකරු විසින් සොරා ගන්නා ලද රන් භාණ්ඩ ඇතුළු භාණ්ඩ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරු අද (16) දින අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.