මහ පාරේ තිබී ටී - 56 ගිනිඅවි තුනක් සොයාගනී
August 18, 2025 01:20 pm
කඩුවෙල, කොරතොට, තුන්අදහේන ප්රදේශයේ මාර්ගයක බෑගයක් තුළ දමා තිබූ ටී - 56 ගිනිඅවි තුනක් ඇතුළු ගිනිඅවි කිහිපයක් සොයාගෙන තිබේ.
නවගමුව පොලීසිය විසින් මෙය සොයාගෙන ඇති අතර, බව්රනින් වර්ගයේ පිස්තෝල 5ක් සහ ටී - 56 මැගසීනයක් ද එම බෑගයේ තිබූ බව සඳහන්ය.