වෛද්‍ය සැපයුම් අංශයේ ලොක්කා ගැන නියෝගය කල්යයි

වෛද්‍ය සැපයුම් අංශයේ ලොක්කා ගැන නියෝගය කල්යයි

April 9, 2024   10:53 am

වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එරෙහිව ගොනුකර තිබෙන රිට් පෙත්සමේ අතුරු ඉල්ලීම් පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම අභියාචනාධිකරණය විසින් ලබන 26 වනදා දක්වා කල් තැබීය.

ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙනි. 

එම නියෝගය අද (09) අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබිණි.

එහෙත් විනිසුරුවරයා කියා සිටියේ, එම නියෝගය ප්‍රකාශයට පත්කිරීම ලබන 26 වනදා දක්වා කල්තබන බවය.

තමන්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය කරනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් එබැවින් තමන්ව ඇප මත මුදාහරින ලෙසත් ඉල්ලමින් අදාළ වෛද්‍යවරයා සිය නීතිඥවරු මාර්ගයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.