මොකක්ද මේ mpox ?

මොකක්ද මේ mpox ?

June 15, 2024   05:26 pm

mpox නම් වෛරස් රෝගය වැළඳුනු තවත් පුද්ගලයෙක් දකුණු අප්‍රිකාවේ මියගොස් තිබේ.

ඒ එම රෝගී තත්ත්වයෙන් පැය 24ක් තුළ මියගිය දෙවැනි පුද්ගලයා බව වාර්තා වෙයි.

මියගිය පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 37 සහ 38 හැවිරිදි වියේ පසුවූවන් ය. 

මේ දක්වා එරටින් 2024 වසරේදී ආසාදිතයින් 6 දෙනෙක් හමුවී ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් පැවසීය.

මීට පෙර මෙම වෛරස රෝගය හැඳින්වූයේ මංකිපොක්ස් නමිනි.