උද්දිකගේ රථයට වෙඩි තැබූ ASP රටපනි

උද්දිකගේ රථයට වෙඩි තැබූ ASP රටපනි

June 15, 2024   07:29 pm

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩිතැබු බවට චෝදනා එල්ල වී ඇති සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම මහතාව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝග අනුව කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

ඒ සම්බන්ධයෙන් අධිකරණය දැනුවත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගෙන් ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතය.

පසුගිය වසරේ සැප්තැම්බර් මස 17 වන දා එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමක් සිදුකර තිබුණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වු අතර පසුව අනාවරණය වුයේ අනුරාධපුර ප්‍රදේශය භාරව කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම සහ උද්දික ප්‍රේමරත්න යන දෙදෙනා විසින් මෙය සැලසුම් කර ඇති බවය.

කෙසේවෙතත් එම සිද්ධිය පිළිබඳව තොරතුරු අනාවරණය වීමත් සමගම සහකාර පොලිස් අධිකාරීවරයා විදේශගතවී තිබේ.

ඔහු සිය රාජකාරී ගිනි අවිය ගුවන්තොටුපොළේදී වෙනත් පුද්ගලයෙකුට භාරදී විදේශ ගතවී ඇති බව ද සිදුකළ මුලික විමර්ශනවල දී අනාවරණය වී තිබුණි.