නීතිඥභාවය අත්හිටුවා රක්ෂිත බන්ධනාගාර ගත කළ ප්‍රියන්ත ඇප ඉල්ලයි 

නීතිඥභාවය අත්හිටුවා රක්ෂිත බන්ධනාගාර ගත කළ ප්‍රියන්ත ඇප ඉල්ලයි 

April 3, 2024   12:23 pm

අධිකරණයට අපහාස කළේ යැයි මේ වනවිට නීතිඥභාවය අත්හිටුවා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සුසිල් ප්‍රියන්ත ජයතුංග මහතාගේ ඇප ඉල්ලීම මැයි මස 05 වනදා  සලකාබලන බව ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පැමිණිල්ල අද එස්. තුරෙයිරාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙංගප්පූලි යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී අදාළ නීතිඥවරයා සඳහන් කළේ තමාගේ සමේ රෝග තත්ත්වය උත්සන්න වී ඇති බවත් එම නිසා, තමන්ව ඇප මත මුදා හරින ලෙසත් ය.

එම අවස්ථාවේදී විනිසුරුවරු තුන්දෙනාම කියා සිටියේ තමන් මෙම නඩු විභාගයෙන් ඉවත්වන බවයි.

වගඋත්තරකාර නීතිඥවරයාට අදාළ මානසික වෛද්‍ය පරීක්ෂණය අඛණ්ඩව සිදුකරන ලෙස විනිසුරු මඩුල්ල විසින් ජාතික මානසික වෛද්‍ය විද්‍යායතනයේ වෛද්‍යවරුන්ට නියම කළේය.

ඉන් අනතුරුව මෙම පැමිණිල්ල ලබන 05 වනදා කැඳවන ලෙසත් නියෝග කෙරුණි.