අල්ලස් ගත් පොලිස් සැරයන්ට වැඩවරදී

අල්ලස් ගත් පොලිස් සැරයන්ට වැඩවරදී

September 20, 2024   09:10 pm

අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ රුපියල් 5,000ක අල්ලසක් ලබාගැනීමේ චෝදනා මත පොතුහැර පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවය.

නීතිවිරෝධි මත්පැන් සම්බන්ධ නඩුවක් පවතින පුද්ගලයෙකුට එම තොරතුරු ඇතුළත් කිරීමෙන් තොරව පොලිස් වාර්තාවක් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදුකර දීම සඳහා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බව සඳහන්ය.

මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට ලද පැමිණිල්ලක් අනුව පොතුහැර පොලිස් ස්ථානය ඉදිරිපිටදී අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේ සැකකාර පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.