PHI ඝාතන විමර්ශන CIDයට
March 29, 2024 12:56 pm
ඇල්පිටිය ප්‍රදේශයේදී PHI නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යම් යම් තොරතුරු ලැබෙමින් පවතින බව පොලීසිය පවසයි.
නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ අදාළ තොරතුරු තහවුරු කරගනිමින් සිටින බවය.
මේ සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බවද ඔහු පැවසීය.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂන් කුමාර මහතා ඉකුත් පෙබරවාරි 26 වනදා උදෑසන වෙඩිතබා ඝාතනය කර සැකකරුවන් පළාගොස් තිබුණි.
වෙඩික්කරුවන් යතුරුපැදියකින් පළා යන අයුරු දැක්වෙන CCTV රූපරාමු පෙළක් ද විමර්ශකයින් පසුව සොයා ගත්තේය.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ W. D රොෂාන් කුමාර මහතා ඇල්පිටිය, කරුඳුගහහැතැක්ම ප්‍රදේශයේ ඔහුගේ නිවසේදීම ඝාතනයට ලක්විය.
නඩු කටයුතු නිසා මෙම ඝාතනය සිදුකර ඇති බවට මෙතෙක් කළ විමර්ශනවලදී ස්ථිර ලෙසම තහවුරු කරගැනීමක් සිදුවී නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් පැවසීය.