කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

October 5, 2024   03:13 pm

කාන්තා 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවෙනි තරගය අද (05) ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමතව තිබේ.

B කාණ්ඩායේ තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව, ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය. 

මෙම තරගය සාජා හිදී පැවැත්වෙයි.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තරගාවලියේ අවසන් පූර්ව තරග වටයේ සිය බලාපොරොත්තු තබා ගැනීමට මෙම තරගය ජයගැනීම අනිවාර්ය වී තිබේ.