වසර දෙකක විනාශය

වසර දෙකක විනාශය

February 22, 2024   04:19 pm

යුක්‍රේන - රුසියානු යුද්ධයට තව නොබෝ දිනකින් වසර දෙකක් සම්පූර්ණ වෙයි.

මේ වනවිට යුක්‍රේනයට, අමෙරිකාව ඇතුළු බටහිර රටවලින් යුද ආධාර ගලා ආවත් රුසියාවට මුදලට හෝ අවි ලබාදීමට ඉදිරිපත්වන රටවල් සංඛ්‍යාව සීමිත ය. 

විශේෂයෙන් අමෙරිකාව, පසුගියදා ප්‍රසිද්ධියේම චීනයට තරවටුවක් කළේ, රුසියාවට අවි සැපයීම කළහොත් සම්බාධකවලට මුහුණදීමට සිදුවනු ඇති බව පවසමිනි. 

බටහිර රටවල් පවසන දේ ගැන කිසිදු ගරු සරුවක් නොදක්වන උතුරු කොරියානු නායක කිම් ජොං-අන් රුසියාවට මිසයිල ඇතුළු අවි සැපයීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි. 

ජනපති පුටින් ඊට තුති පිදීමක් ලෙස රුසියාවේ නිෂ්පාදිත සුඛෝපභෝගී ලිමොසීන් රථයක් ලබාදුන් බව ඊයේ විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

මීට අමතරව ඉරානය විසින් රුසියාවට මහා පරිමාණ වශයෙන් ඩ්‍රෝන යානා සහ අනෙකුත් අවි ආයුධ ලබාදෙන බවට ද වාර්තා පළවිය.
 
ඒ අතර කෙටිදුර මිසයිල ද වූ බව සඳහන් වෙයි.