ශ්‍රී ලංකාවට ලකුණු 263ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 263ක ඉලක්කයක්

October 21, 2023   02:23 pm

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර තරගය අද (21) පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් 
නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 262ක් රැස් කළේය.

ඒ අනුව තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 263කි.

එම තරගයේ පන්දුවාර 49යි පන්දු 4ක් අවසානයේ 5 වන පන්දුව ඩිල්ෂාන් මධුෂංක යැවූ අතර එය නිපන්දුවක් ලෙස සටහන් වුණි.

එම අවස්ථාවේදී පිතිකරුවන් දෙදෙනා ලකුණක් සඳහා පැති මාරු කරගනිමින් සිටියදී දුවද්දී දැවීයාමකට හසුකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කටයුතු කළේය.