අලියෙකු පහරදී පනාමුරේ පාසල් සිසුවෙකු මරුට

අලියෙකු පහරදී පනාමුරේ පාසල් සිසුවෙකු මරුට

September 15, 2023   05:16 pm

අලියෙකු පහරදීම හේතුවෙන් පනාමුර ප්‍රදේශයේ පාසල් සිසුවෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

පනාමුර කාවන්තිස්ස රාජ මහා විහාරයේ අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ පෙරහැර සඳහා ගෙනවිත් තිබූ අලියෙකු රඳවා සිටි ස්ථානයක් වෙත ගොස් සිටියදී මෙම පාසල් සිසුවා ප්‍රහාරයට ලක්ව ඇත.

ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පාසල් සිසුවා ඇඹිලිපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස අවාසනාවනන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇඹිලිපිටිය ගල් අමුණ ප්‍රදේශයේ පදිංචිව සිටි 12 හැවිරිදි වියේ පසුවූ පාසල් සිසුවෙකි.

එම සිද්ධියට අදාළව අදාළ අලියා භාරව සිටි ඇත්ගොව්වා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පනාමුර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.