ජෙයිශංකර් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය හමුවෙයි

ජෙයිශංකර් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය හමුවෙයි

June 26, 2024   04:57 pm

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජෙයිශංකර් ඊයේ (25) නවදිල්ලියේදී ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකා මහකොමසාරිස් හමුවී තිබේ.

ඉන්දු - ලංකා ද්විපාර්ශ්වික සබඳතාවල මෑත කාලීන වර්ධනය පිළිබඳව එහිදී සාකච්ඡා කළ බව වාර්තා වෙයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා  කුවේට් තානාපතිවරයා සහ නවසීලන්තයේ මහකොමසාරිස්වරිය ද හමුවී ඇති බවය.