චීන එක්සිම් බැංකුව සමගත් ණය ප්‍රතිකර්ම අවසන් එකඟතාවකට

චීන එක්සිම් බැංකුව සමගත් ණය ප්‍රතිකර්ම අවසන් එකඟතාවකට

June 26, 2024   05:39 pm

ශ්‍රී ලංකාව සහ චීන එක්සිම් බැංකුව අතර ද්විපාර්ශ්වික ණය ප්‍රතිකර්ම අවසන් එකඟතාවකට එළඹුණු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. 

පැරිස් නුවරදී චීන රජයේ නියෝජ්‍ය මුදල් අමාත්‍ය ලියාවෝ මින් හමු වූ බවත්, එහිදී එම අවසන් එකඟතාවට එළඹුණු බවත් රාජ්‍ය අමාත්‍යවරයා X අවකාශයේ සටහනක් තබමින් වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව අදාළ ගිවිසුම් ක්‍රියාත්මක කරලීම සම්බන්ධයෙන් වූ නිල අත්සන් තැබීම් සිදුවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ අතර අද පැරිසියේ පැවති හමුවේදී ශ්‍රී ලංකාව මෙරට ද්වීපාර්ශ්වික ණය හිමියන්ගේ නිල කමිටුව සමග අමෙරිකානු ඩොලර් බිලියන 5.8ක ණය ප්‍රතිව්‍යුහගතකරණ අවසන් එකඟතාවට ද එළඹුණි.