බසයක් ප්‍රපාතයකට පෙරළෙයි

බසයක් ප්‍රපාතයකට පෙරළෙයි

July 9, 2023   06:16 pm

වතු සේවකයින් ප්‍රවාහනය කළ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් තිබේ.

අනතුරින් බසයේ ගමන්ගත් කාන්තා වතු සේවිකාවන් 26දෙනෙක් තුවාල ලබා ඇතැයි අප වාර්තාකරු පැවසීය.

තුවාලකරුවන් කොත්මලේ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබේ.

තලවකැලේ වටගොඩ නගරයේ සිට පුඩළුඔය දුනුකේදෙණිය දක්වා වතු සේවකයින් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් අද පස්වරු 4.30ට පමණ මාර්ගයෙන් ඉවතට පැන අඩි 30 පමණ ප්‍රපාතයට පෙරළීමෙන් අනතුර සිදුව ඇත.

අනතුරෙන් තුවාල ලැබු කාන්තාවන් අතරින් බරපතළ තුවාල ලබා සිටි වතු සේවිකාවන් කිහිපදෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවු බව ද වාර්තා වේ.

බස් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් අනතුරට හේතුව වී ඇති බව පුඩළුඔය පොලීසිය කියා සිටියේය.