අපනයන ආදායමේ වෙනසක්

අපනයන ආදායමේ වෙනසක්

June 28, 2023   04:32 pm

ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම වර්ධනය වී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

2023 අප්‍රේල් මාසයට සාපේක්ෂව 2023 මැයි මාසයේදී එය ඇමෙරිකානු ඩොලර් මිලියන 989.7 දක්වා 16.6% කින් ඉහළ ගොස් තිබේ.

නමුත් 2022 මැයි මාසයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයන 2023 මැයි මාසයේදී 5.59%කින් අඩුවී ඇති බව නවතම දත්ත අනුව පෙනීයයි.