රත්‍රන් ජෙල් සමග පුද්ගලයෙක් කොටුවෙයි

රත්‍රන් ජෙල් සමග පුද්ගලයෙක් කොටුවෙයි

May 9, 2024   03:51 pm

ඩුබායි සිට අද (09) උදෑසන කටුනායක ගුවන්තොටුපොළින් මෙරටට පැමිණි පුද්ගලයෙක්ව ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබුණි.

එම පුද්ගලයාව පරීක්ෂා කිරීමේදී ඔහුගේ පාවහන් සහ ඇඳුම්වල සඟවා ගෙන රැගෙන ආ රත්‍රන් ජෙල් පාර්සල තුනක් හමුවී තිබේ.
 
එහි බර ග්‍රෑම් 1975ක් බවත් ඇස්තමේන්තු වටිනාකම රුපියල් මිලියන 40ක් බවත් සඳහන් ය.

සැකකරු 25 හැවිරිදි අයෙකි.