දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරක්

December 23, 2022   07:45 am

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් පොලීසිය විසින් එම අධිවේගී මාර්ගය භාවිත කරන බර වාහන රියදුරන් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

එහිදී පොලීසිය අදාළ මාතර දෙසට ධාවනය කරනු ලබන බර වාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ කුරුඳුගහහැතැක්ම හුවමාරුවෙන් පිටවී යළි බද්දේගම හුවමාරුවෙන් අධිවේගී මාර්ගයට ඇතුළුවන ලෙසටය.

පොලීසිය වැඩිදුරටත් පවසන්නේ කුරුඳුගහහැතැක්ම සහ බද්දේගම අතර සිදුව ඇති රිය අනතුරක් හේතුවෙන් ඇතිවිය හැකි මාර්ග තදබදය අවම කරගැනීමට මෙම පියවර ගත් බවය.

 

විඩියෝ ලින්ක්