සර්ව පාක්ෂික සමුළුව ඇරඹෙයි

සර්ව පාක්ෂික සමුළුව ඇරඹෙයි

December 13, 2022   06:18 pm

සංහිඳියාව පිළිබඳ සර්ව පාක්ෂික සමුළුව අද (13) පස්වරුවේ ආරම්භ වී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන එම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්වී ඇති බව වාර්තා වෙයි.

තවද පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල නායකයින් ද අදාළ සාකච්ඡාව සඳහා සහභාගීවී ඇති බවද වාර්තා විය.