ගෘහස්ථ ගෑස් ගැන සුබදායක පණිවුඩයක්

ගෘහස්ථ ගෑස් ගැන සුබදායක පණිවුඩයක්

November 4, 2022   10:49 am

නුදුරේදී යළිත් ගෑස් හිඟයක් ඇති නොවන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

"මෙට්‍රික් ටොන් 28,000 කිට්ටු වෙන්න අපි ගෑස් ඇනවුම් කරලා තිබෙනවා. ඒ නිසා නොවැම්බර් ගෑස් හිඟයක් එන්න විදිහක් නෑ."

"සඳුදා දහවල් 2න් පස්සේ ලංකාව පුරාම නිල්පාට ගෑස් සිලින්ඩරවලින් පිරිලා තියෙයි."

මේ අතර වෙළඳපොළ තුළ පවතින ගෑස් හිඟයට හේතුවී ඇත්තේ මිල සූත්‍රය ක්‍රියාත්මකවීමත් සමග අලෙවි නියෝජිතයින් ගෑස් ඇනවුම් කිරීමට මැලිකමක් දැක්වීම බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ නව ගෑස් මිල ප්‍රකාශයට පත්කිරීම එළඹෙන ඉරිදා උදෑසන සිදුකරන බවය.