විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයට තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක්

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයට තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක්

September 9, 2022   01:25 pm

රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යධුරයේ වැඩ භාරගෙන තිබේ.

ඒ මහතා ඊයේ දිනයේ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනපති ඉදිරියේ දිවුරුම් දුන් අතර පසුව එම අමාත්‍ය ධුරය භාරගත නොහැකි බව දැනුම්දී තිබුණි.

ඒ අනුව ඩී වී චානක මහතාට විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යධුරය ලබාදීමට පියවර ගෙන ඇති අතර ඉන්දික අනුරුද්ධ මහතාද ඊයේ දිනයේ විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යධුරයේ දිවුරුම් දෙනු ලැබීය.