අඹ ගෙඩි තුනක් ලක්ෂ 10කට විකිණෙයි

අඹ ගෙඩි තුනක් ලක්ෂ 10කට විකිණෙයි

August 23, 2022   07:36 pm

කෝවිලක පැවති උත්සවයකදී අඹ ගෙඩි 03ක් රුපියල් ලක්ෂ 10කට වෙන්දේසි වී තිබේ.

වවුනියාව ගනේෂපුරම් ශ්‍රී සිත්තිවිනායගර් කෝවිලේ 21 වැනිදා රාත්‍රියේ පැවති තිරුවිලා උත්සවයේදී මෙලෙස අඹ ගෙඩි 03ක් සහ මල් මාලයක් රුපියල් ලක්ෂ 10ක මුදලකට වෙන්දේසි වී ඇත.

ගනේෂපුරම් ප්‍රදේශයේ පදිංචි සබරිරාජන් නමැති දරුවෙකු විසින් මෙම ලන්සුව තබා ඇති බව ප්‍රදේශවාසින් පවසයි.

කෝවිලේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් අදාළ ලක්ෂ 10 ක මුදල පරිත්‍යාග කිරීමට දෙමාපියන් හා ඥාතීන් වෙන්දේසියේදී අඹ ගෙඩි තුනට මුදල ලක්ෂ 10 ක මුදලක වටිනාකමක් ලබාදී ඇත.

වෙන්දේසියේදි අඹ ගෙඩි තුනක මුදලට ඉල්ලූ දරුවා වෙනුවෙන් කෝවිලේ පාලක සභාව ගරු කිරීමක්ද සිදුකළ බවද ප්‍රදේශවාසීන් පැවසීය.