ඩීසල් හා පෙට්‍රල් තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

ඩීසල් හා පෙට්‍රල් තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

July 31, 2022   11:19 am

නීතීවිරෝධී ලෙස ඉන්ධන ගබඩා කරගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

තලංගම පොලීසියට ලැබුණු තොරතුරක් මත බත්තරමුල්ල ප්‍රදේශයේ නිවසක සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

එහිදී ඩීසල් ලීටර් 84ක් සහ පෙට්‍රල් ලීටර් 31ක් පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 36 හැවිරිදි හා 42 හැවිරිදි  කන්තලේ සහ ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් බත්තරමුල්ල ප්‍රදේශයේ තාවකාලිකව නතර වී සිට ඇති බව වාර්තා වේ.

සැකකරුවන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.