කන්දකාඩු රැඳවියන් 600ක් පැනයයි

කන්දකාඩු රැඳවියන් 600ක් පැනයයි

June 29, 2022   12:05 pm

පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවා සිටි රැඳවියන් 600ක් පමණ ඉන් පළා ගොස් ඇති බවට වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධියක් මුල් කර ගනිමින් පිරිසක් පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ කලහකාරී ලෙස හැසිරී ඇති බවය.

ඊයේ (28) රාත්‍රීයේ සිට මෙම නොසන්සුන් තත්ත්වය පැවතී ඇති අතර වාර්තා වී ඇති අතර අද (29) උදෑසන 08.00ට පමණ මධ්‍යස්ථානයේ රැඳවියන් එහි ප්‍රධාන ගේට්ටු දෙක කඩා බිඳ දමා පළා ගොස් ඇති බව වාර්තා වේ. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, පොලීසිය සහ යුද හමුදාව එක්ව පළා ගිය පිරිස් අත්අඩංගුවට ගැනීමට මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර ඇති බවය.