අකුරැස්සේ අමානුෂික ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

අකුරැස්සේ අමානුෂික ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

June 29, 2022   08:27 am

අකුරැස්ස තිබ්බටුවාව ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර ඔහුගේ හිස නිල්වලා ගඟට දැමිමේ සිද්ධියට අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රදේශයෙන් පළාගොස් සිටි සැකකරු අකුරැස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි තිබ්බටුවාව ප්‍රදේශයේම පදිංචිව සිටි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු අද (29) මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පසුගිය 27 වන දා උදෑසන මෙම අමානුෂික ඝාතනය සිදුව තිබුණි.

ඝාතනයට ලක් වු පුද්ගලයා සිය නිවසේ දේවාලයක් පවත්වාගෙන ගොස් ඇති බව මූලික විමර්ශනවළදී අනාවරණය වුණි.

පුද්ගලික ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදු වී ඇති බව පොලීසිය පැවසීය.

මේ අතර ඝාතනය සිදුකළ සැකකරුගේ පහරකෑමට ලක්වීම හේතුවෙන් එම කපු මහතාගේ 60 හැවිරිදි වියේ පසුවන බිරිඳ සහ 40 හැවිරිදි වියේ පසුවන දියණියද කැපුම් තුවාල සහිතව අකුරැස්ස රෝහලට ඇතුළත් කර තිබුණි.

සැකකරු විසින් ඝාතනයට ලක්කළ පුද්ගලයාගේ හිස කොටස නිල්වලා ගඟට දමා ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වුණි.

කෙසේවෙතත් පසුව පොලීසිය විසින් සැකකරුගේ මව සහ පියා ද අත්අඩංගුවට ගනු ලැබුණි.