අකුරැස්සේ ඝාතනයට සැකකරුගේ මව හා පියාත් අත්අඩංගුවට

අකුරැස්සේ ඝාතනයට සැකකරුගේ මව හා පියාත් අත්අඩංගුවට

June 28, 2022   07:56 am

අකුරැස්ස, තිබ්බාටුවාව ප්‍රදේශයේදී කපු මහතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුගේ මව සහ පියා අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් දෙදෙනා ද තිබ්බොටුවාව, අකුසරැස්ස ලිපිනයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

එම සැකකරුවන් අද (28) මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම අපරාධය සම්බන්ධ 24 හැවිරිදි ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇත.

ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අකුරැස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඊයේ (27) උදෑසන මෙම අමානුෂික ඝාතනය පිළිබඳව වාර්තා වූයේ අකුරැස්ස තිබ්බටුවාව ප්‍රදේශයෙනි.

ඝාතනයට ලක් වු පුද්ගලයා සිය නිවසේ දේවාලයක් පවත්වාගෙන ගොස් ඇති බව මූලික විමර්ශනවළදී අනාවරණය වුණි.

පුද්ගලික ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදු වී ඇති බව පොලීසිය පවසයි.

මේ අතර ඝාතනය සිදුකළ සැකකරුගේ පහරකෑමට ලක්වීම හේතුවෙන් එම කපු මහතාගේ 60 හැවිරිදි වියේ පසුවන බිරිඳ සහ 40 හැවිරිදි වියේ පසුවන දියණියද කැපුම් තුවාල සහිතව අකුරැස්ස රෝහලට ඇතුළත් කර තිබේ.

සැකකරු විසින් ඝාතනයට ලක්කළ පුද්ගලයාගේ හිස කොටස නිල්වලා ගඟට දමා ඇති බව මූලික විමර්ශනවලදී හෙළිවී ඇත.

පොලීසය පැවසුවේ එම හිස කොටස සෙවීමේ කටයුතු ආරම්භ කර ඇති බවය.