සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් අද සහ හෙට වර්ජනයක

සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් අද සහ හෙට වර්ජනයක

June 29, 2022   06:53 am

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් අද (29) සිට හෙට (30) යන දෙදින වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් වැඩවර්ජනයක නිරත වීමට තීරණය කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේය.

මෙම වැඩවර්ජනය සඳහා සෞඛ්‍ය වෘත්තිය සමිති 8ක් සහභාගී වනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

"ඉන්ධන මිල සහ සැපයීමේ ගැටලු නිසා ඇතිවී තිබෙන බලපෑම් ගැන අපි අදාළ බලධාරීන් සමග සාකච්ඡා ගණනාවක් සිදුකළා. සෞඛ්‍ය සේවා සඳහා සේවයට වාර්තා කිරීමට ඉන්ධන සපයා ගැනීමට බාධාවකින් තොරව සිදුකරගත හැකි ක්‍රමවේදයක් සකසන්නැයි කියලා ඉල්ලීමක් කළා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වගේ ක්ෂේත්‍ර නිලධාරීන් වැටුපෙන් ඉන්ධන ලබාගෙන සේවයට එන තත්ත්වයක් නිර්මාණය වෙලා. දැනට ලබාදෙන දීමනාවෙන් ඉන්ධන ලබාගැනීමේ ගැටලු තිබෙනවා. ඒ නිසා වෘත්තීන් 8ක එකඟතාවයෙන් සේවයට වාර්තා නොකර ඉන්නවා. ප්‍රවාහන සහ ඉන්ධන ගැටලුව නිසා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී සංගම්, ECG සහ EEG නිලධාරීන්ගේ සංගම්, වෛද්‍ය රසායනාගාර, මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන්ගේ සංගම්, කීට විද්‍යා නිලධාරීන්ගේ සංගම්, දන්ත කාර්මිකයින්ගේ සංගමය, දන්ත චිකිත්සක සංගමය, ඖෂධ සංයෝජකයින්ගේ සංගමය මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එකතු වෙනවා."