දුම්රිය හරස් මාර්ගයක් වසාතැබීම ගැන නිවේදනයක්

දුම්රිය හරස් මාර්ගයක් වසාතැබීම ගැන නිවේදනයක්

June 21, 2022   02:38 pm

මහනුවර, සුදුහුම්පොළ දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ අනුව ජූනි මස 23 පෙ.ව 7 සිට ජූනි 24 වන දා පෙ.ව 8 දක්වා පැය 25ක කාලයක් එම මාර්ගය වසා තැබේ.

ප්‍රධාන දුම්රිය මාර්ගයේ සරසවි උයන හා මහනුවර දුම්රිය ස්ථාන අතර සුදුහුම්පොළ මාර්ගය හරහා ඇති ආරක්ෂක ගේට්ටු පද්ධතියේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා භූගත නළයක් එළීම හේතුවෙන් එලෙස මාර්ගය වසා දැමීමට තීරණය කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරී, ජේ.අයි.ඩී ජයසුන්දර මහතා නිවේදනය කරයි.

ඒ අනුව මාර්ගය වසා තැබීම සම්බන්ධයෙන් රියදුරන් අවධානයෙන් සිටින ලෙස ද ඒ මහතා දැනුම්දෙයි.