සිමෙන්ති මිල යළි ඉහළට

සිමෙන්ති මිල යළි ඉහළට

June 7, 2022   07:33 am

කිලෝ ග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල යළිත් වරක් ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ.

ඒ අනුව 2,850ක්ව පැවති සිමෙන්ති කොට්ටයක් රුපියල් 150කින් මිල ඉහළ නංවා ඇති බව වාර්තා වේ.

මෙරට  නිෂ්පාදනය කරන සහ ආනයනික සියලු සිමෙන්ති වර්ගවල කිලෝ ග්‍රෑම් 50 කොට්ටයක නව මිල රුපියල් 3,000ක් වන බව සිමෙන්ති සමාගම් පවසයි.

මේ අතර රජය විසින් ඉදිකිරීම් නතර කිරීමට ගෙන ඇති තීරණයත් සමග ඉදිකිරීම් සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ නිරත වූවන් බරපතල අර්බුදයකට මුහුණ දී ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා සඳහන් කළේය.

ඔහු පෙන්වා දෙන්නේ, ඉදිකිරීම් සහ කර්මාන්ත ක්ෂේත්‍රවල නිරත වූවන් බැංකු ණය සහ ලීසිං ගෙවීමේ කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බවය.