2020 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2020 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

May 25, 2022   06:54 pm

2020 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට එක්කර තිබේ.

ඒ අනුව එම වර්ෂයේ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා 32,528 දෙනෙකු අයදුම් කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කර ඇත්තේ ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබාගත හැකි බවය.

එසේම මේ සම්බන්ධයෙන් විමසීම් සිදුකිරීම සඳහා විශේෂ දුරකථන අංක කිහිපයක් ද අදාළ නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවට අයත් එම දුරකථන අංක පහතින්.

011 2784537 / 011 2784208 / 011 3188350 / 011 3140314