පමුණුව වෙළෙඳුන් උද්ඝෝෂණයක

පමුණුව වෙළෙඳුන් උද්ඝෝෂණයක

December 21, 2020   12:27 pm

මහරගම, පමුණුව ප්‍රදේශයේ රෙදිපිළි වෙළෙඳුන් පිරිසක් අද (21)  පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වී තිබේ.

වෙළෙඳපොළ තුළ වෙළඳාම් කිරීමට බාහිරින් වෙළෙඳුන් පැමිණීමට විරෝධය පළකිරීම මෙම උද්ඝෝෂණයේ අරමුණ බව “අද දෙරණ වාර්තාකරු“ සඳහන් කළේය.

නගර සභාව විසින් නිසි ක්‍රමවේදයකින් තොරව වෙළෙඳසැල් ලබාදීම මෙම ගැටලුවට හේතුව බව විරෝධතාකරුවන් පවසයි.

එකමුතු වෙළෙඳ සංගමයේ සභාපතිවරයා පවසා සිටියේ, “අවුරුදු 40ක ඉදලා මේ වෙළෙඳපොළ එක් එක් අයගේ අවශ්‍යතාවය මත ගෘහස්ථ වෙළෙඳපොළක් විදියට ගොඩනැඟුන දෙයක්. මේක පැරෂුට් එකකින් බැස්සුව දෙයක් නෙමෙයි. බඩගින්නේ හිටිය හැමකෙනාටම අපි වෙළෙඳාම් කරන්න ඉඩදුන්නා. ඒකෙන් තමයි පරණ පාර බිහි වුණේ. මෙතෙන ඉන්න මිනිස්සු ආක්‍රමණිකයෝ නෙමෙයි. මන්ත්‍රීවරු දෙන්න මේ වෙළෙඳපොළ ආක්‍රමණය කරන්න පසුබිම සලසා දුන්නා. අපි කියන්නේ ක්‍රමය වැරදි. අහසින් ගෙනල්ලා දැම්මා වගේ 100 - 150ක් ගෙනත් දැම්මහම මෙතෙන ඉන්න 600ක් වෙළෙඳුන් අපෙන් අහනවා මොකද්ද කරන්නේ කියලා“ යනුවෙනි.