රතු නිවේදනයක් - නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින්න

රතු නිවේදනයක් - නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින්න

December 1, 2020   04:34 pm

නැවත දැනුම් දෙන තුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මේ පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, දැනට මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස හැකි ඉක්මනින් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසය.

ගිනිකොණ දිග බොංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩුපීඩන තත්ත්වය අද උදෑසන 11.30 වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වී ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් කි.මී 460ක් දුරින් ස්ථානගතව පවතී.

මෙම පද්ධතිය ඉදිරි පැය 24 තුළ දී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වේ.

මෙම පද්ධතිය බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර මඩකලපුව සහ පේදුරු තුඩුව අතරින් ලංකාවේ නැගෙනහිර වෙරළට හෙට (02) සවස හෝ රාත්‍රියේ ඇතුළු විය හැකිය.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ධීවරයින් තම යාත්‍රා ආරක්ෂා කරගැනීම සඳහා ගොඩබිමට ගෙනැවිත් ඇති අයුරු මෙසේ දක්නට ලැබිණි.