ජාතික පාසල් විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැඳවයි

ජාතික පාසල් විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැඳවයි

November 30, 2020   06:00 pm

ජාතික පාසල් විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් භාර ගැනීම දෙසැම්බර් 04 වැනි දා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ජාතික පාසල් 170ක විදුහල්පති තනතුරු සඳහා එලෙස අයදුම්පත් කැඳවීම සිදුකරන බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි. 

මෙතෙක් අයදුම්පත් යොමු කිරීමට නොහැකි වූ, අදාළ තනතුරු සඳහා සුදුසුකම් සපුරන නිලධාරීන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස අදාළ අයදුම්පත් සහ වැඩිදුර තොරතුරු ලබා ගනිමින් මේ සඳහා අයදුම් කරන ලෙස එම අමාත්‍යාංශය දැනුම් දෙයි.